Monday, July 4, 2011

මෙගා සහ රියල්


කොම්පැණි දෙක තුනක
මහපුටුව දරාසිට

දුවගේ පෙම්වතාට ගේම ප්ලෑන් කර
සැප රියෙන් ගෙදර එන තාත්තා නොව
හෙට දවසෙ බර හිසින් දරා
බස් රියේ තෙරපී හෙම්බත්ව ගෙදර එන තාත්තාය

ගේදොර කටයුතු කිසිවක් නැතිව
දවසම හතරවටේ ගෝරි දාගන්න
අවුරුදු 10 න් විවාහ වුනු අම්මා නොව
උදේ හිට රෑ වෙනතුරුම
ලිග් ගල් වළං මැද ජීවිතය දිය කරන
වයසට වඩා වයස ගිය අම්මාය

එයාද මෙයාද ගෙදරින් කියන අරයද
සියළුම කටයුතු නවතා දවසේම හිතන
අය්යවත් අක්කවත් නැත
උපාධියට ජීවිතය බොඳවුනු
වට රවුමේ ඉතිරි කාලය ගෙවන
අය්යලාය අක්කලාය

දැන් දැන් සමහර පොඩි එවුන්
රාත්‍රියේ නින්දට පෙර
දසමාසේ උද්දිකාරෝ කියන්නෙත් හොරටලු

2 comments:

Anonymous said...

කොහෙද මනුස්සයො මෙච්චර කල් ගිහිල්ල උන්නෙ ඈ... ?

මරු අදහස.. දැං පොඩි එවුන් දසමාසේ, උද්දිකාරෝ කියන්නෙ නැද්ද කොහේද.....

Zainab Yahya said...

im trying to get rid off...