Sunday, January 26, 2014

සිත්තර පෙම්වතිය

සුදු පාට කැන්වස් තලය මත
කටු සටහනින් ඇඳි
මගේ කලු සුදු රූපය
නුඹ බියපත් කරයි
නුඹ බොහෝ බිය වෙයි

පින්සලෙන් පින්සල ගෙන
නේක වර්ණ තවරා
යුහුසුලුව මතු කරන්නී
වර්ණවත් රූපයක්
දහඩිය ද හෙළමින්
තුටු වන්නී

ඉතින් මෙන්න නුඹ
බලන් කෙතරම් හැඩද දැන්
සැනසුම් සුසුමක් හෙලන්නී
කෙතරම් බියකරුද අර
කලු සුදු රූපය

No comments: