Tuesday, July 1, 2014

අබිලිං මාමේ




ඉක්මනින් ගෙනැවිත් දීපං
ගම්මුන්ගෙන් ගත්ත ණය තුරුස්
අතින් වියදං කරං
පිං කං කලත්
ඒ පිං මදිලු
උඹේ ණය හිලව්වට

පිරිත් කොටු ගැහුවාට
පිං කං කලාට
බණ පදයක් ඇහුවාද
මතක ඇති කාලයක

නොදැන හිටියේ ඒකයි උඹ
බීමත් කමේ ආදීනව

උඹ ඉන්න හින්දද කොහෙද
පිචර් එක දිව්වෙත් නෑ හරියට
ගැලපෙන්නෑ ඕවා මෙහාට
සේකරත් ඇඬුවාලු අන්තිමට

අහසට වඩා ලොකු උඹේ හිත
ඊටත් වඩා ලොකු ණය කන්ද
උඹ නැති පාලුව දරාගෙන
අතීතයෙන් ගඟ ගලා බසී තවම

No comments: