Monday, August 4, 2014

පුංචි ගිණිකූරු වෙළෙන්දිය








පුංචි ගිණිකූරු වෙළෙන්දිය

තවමත් මගේ හිත අද්දර

හිම මිදෙන සීතලේ

අන්තිම ගිණි කූරත් දල්වා

උණුසුම් වෙන්න හැදුව



රස බොජුන් කුස් පුරවන

උණුසුම් අවන්හල් ඉදිරිපිට

ඈ සිටින්නී

හිස්වූ කුසින්

මැලවුනු වතින්



පුංචි ගිණි කූරු වෙළෙන්දිය

හිම මිදෙන සීතලේ

මැදියම් රැය තෙක්ම

ගිණිකූරු විකුණන්න හැදුව



කාමරය උණුසුම්ය

රස බොජුන් මේස මත

බැබළෙන විදුලි එළි සමග

සියල්ල සූදානම්ය



ජනේලයට එපිටින් ඈ සිටින්නී

සීතලේ ගැහෙමින්

හිස්වූ කුසින්

ඒ දෑස මහ හැර

සාදය අරඹන්න

1 comment:

නුවර කුමාරි said...

මගේ පුංචිම පුංචි කාලයේදී මම මගේ හදවතින්ම රසවින්ද කතාවක්... කවිය ලස්සනයි