Saturday, April 28, 2018

P J සර් ගේ "එකම විහිළුව"



පී ජේ හෙවත් ප්‍රේමදාස ජයසිංහ සර් අපේ පංතියට ඉගැන්වූයේ නැතත් ගණිත අංශයේ අපි කවුරුත් ඉතා හොඳින් දන්නා ගුරුවරයෙකි. ඉතා සංසුන් කාරුණික ගුරුවරයෙකු ලෙස ඔහු මට මතකය.

පී ජේ සර් ගැන මට මතක සිද්ධියක් වන්නේ "එකම විහිළුව" දහ පොළක කීමේ සිද්ධියකි. එකම කතාව එකම අසන්නන් පිරිසකට කිහිප වරක් කීමෙන් ඇතිවන තත්වය කාටත් සිතා ගන්නට පුළුවන.

මට මතක විදිහට පී ජේ සර් කුමක් දෝ පණිවිඩයක් දීමට අපේ පංතියට (M 3) පැමිණි විටද මේ කතාව කිව්වේය. ඉන්පසු කොරිඩෝරයේ රැස්ව සිටි කොල්ලන් පිරිසකට දිනක් මේ කතාව කියනවා ඇසුණි. ඉන්පසු කුලරත්න ශාලාවේ පැවති රැස්වීමකදීද ඒ කතාවම කීවේය. පී ජේ සර් ඉගැන්වූ පංති වලට අනිවාර්යයෙන්ම කියන්නට ඇත. මෙන්න ඒ කතාව.

දිනක් එක් කොල්ලෙක් ඉතා ලස්සන කෙල්ලෙක් ළඟින් වාඩි වී ඇයගෙන් කැමැත්ත ඉල්ලන්නේ කෙසේ දැයි සිතමින් සිටියේය. කොතෙකුත් කල්පනා කලද කැමැත්ත ඉල්ලන්න හොඳම විදිහ කොල්ලාට හිතා ගැනීමට නොහැකි විය. අන්තිමට බොහොම අමාරුවෙන් හිත හදා ගෙන කොල්ලා කෙල්ලගෙන් මෙසේ ඇසීය. 

 "ඔයා මගේ ළමයගේ අම්ම වෙන්න කැමතිද? "


 [ඉන්දීෂ සේනානායකගේ නිවැරදි කිරීමට ස්තූතියි.]

උ. පෙළ පංතිවල  කොල්ලන් හිනැස්සීමට මේ වගේ අහිංසක කතාවකට ඇති හැකියාව කොතෙක් දැයි ඔබම සිතා බලන්න. ඒකත් එකම සෙට් එකට කිහිප සැරයක්ම කියන කොට?

ආනන්දයේ අපේ 2001 ඒ ලෙවල් පංති වල උන්ට මේ කතාව මතක ඇතැයි සිතමි.

Thursday, April 26, 2018

නැවත දන්වන තුරු




කොච්චර කිව්වත් අනෙක් අය
හිතෙන්නේම මට නොබඳින්න
කියනා විස්තරේ ඇහුවාම
දුවන්නයි හිතෙන්නේ මට

නිදන්නට පෙර භාවනාකරන
සතුරාටත් මෙත් පුරන
අවබෝධයට පත් වුන
කෙනෙක් මුණගැහුනා මට

මගේ පව් දන්නා නිසාම 
එපා කිව්වා ඒ පුණ්‍යවන්තිය

වීදුරුවේ ඇඳි ඉරට
වඩා අඩුවෙන් පමණක් බොන්න
පළවෙනිම කොන්දේසිය
දෙවැන්නියගේ ඉල්ලීම

බැරි වැඩක් නොකර මම
බැරිය කිව්වා මූණටම

උස මහත ගැලපෙන
දායාද උතුරා තිබෙන
නිවුනු ගති ගුණ තිබෙන
මස් මාළු කන්නැති තෙවැන්නිය

ගවයෙක් නොවන හින්දා උලා කන
බැහැයි කිව්වා පසුව දින

උගත් රූමත් දායාද ඇති
ඉතා කඩිසර ගේ දොර වැඩද දත්
සොහොයුරා දොස්තර
යුවතියගෙ කටේ සැර

කන් රුදාවට ඇති බියට
බැහැයි කිව්වා කපුවාට

හිතෙන්නේ නැත්ද මට
තනිකඩව වසන්නට
නැවත දන්වන තුරුම
කසාද නම් නොසොයන් මට